මොකක්ද මේ වාස්තු විද්‍යාව කියන්නේ? 

වාස්තු විද්‍යාව කියන්නේ විද්‍යාවක් ද නැත්නම් ගුප්ත ශාස්ත්‍රයක් ද නැත්නම් මේ සමාජේ හැදිලා තියෙන මිථ්‍යාවක් ද? 

ඇත්තටම වාස්තු විද්‍යාව කියන්නේ සරලව කිව්වොත් ඇත්තටම විද්‍යාවක්.මේක අපි නිර්මාණය වෙන විදිහ ගැන හිතමු. මම මේකට පොඩි නිර්වචනයක් දෙන්නම්. 

                වාස්තු විද්‍යාව කියන්නේ මිනිසාගේ පරිණාමය සමග අධ්‍යාත්මික දියුණුවන් විසින් මිනිසාගේ හා පවුල තුළ ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික දියුණුවට පරිසරයේ තියෙන ශක්තිය එනම් විශ්ව ශක්තිය ලබාගන්නේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්දව හදුනාගත් විද්‍යාවක්.

                   මේ කතාව තුළ අපිට කියවෙනවා මේ වාස්තු විද්‍යාවේ ඉතිහාසයක් ගැන. මේ වාස්තු විද්‍යාව නිර්මාණය වුනේ කොතනින්ද කියන එක. ඇත්තටම අපි මේ ජිවත් වන පරිසරයේ මානවයා හොමෝසාපියන් නිවහනක් නිර්මාණය කර ගන්න පටන් ගන්නවා. මානවයා නිර්මාණය වූ අවධියේදී ඔවුන් වැස්සට තෙමෙන් නැතුව ගල් ලෙන්වල සිටිනවා, ගස් බෙන සොයාගන්නවා, ලොකු අතු යට ඉන්නවා. මේ දේවල් වලින් ඔවුන් හිසට සෙවනක් සොයාගන්නවා. නමුත් කාලයත් එක්ක මොවුන් අධ්‍යාත්මිකව දියුණු වෙනවා. මානසිකව වර්ධනය වෙනවා. මේ තුළ ඔවුන් කටු මැටි ගාසා පොල් අතු වසාගෙන නිවහනක් නිර්මාණය කරන්න පටන් ගන්නවා. අද වන විට සමාජයේ නිවහනක් කියන එක තට්ටු ගණන් ගොඩනැගිලි තත්වයට ගිහින් තියෙනවා.මිනිස්සු දියුණු කර ගෙන තියෙනවා. මිනිස්සු තාක්ෂණය නිවාස ගැටළුවට එකතු කර ගෙන තියෙනවා. මේ තුළ වාස්තු විද්‍යාව කියන එකට විද්‍යාවක් අපි එකතු කර ගන්නවා. ඒ වගේම මිනිස්සු මානවයාගේ පරිණාමයත් එක්ක හිතන්න පටන් ගන්නවා. අලුත් දේ සොයාගන්නවා.ගින්දර සොයාගන්නවා. සූර්යයාගේ ශක්තින් වලින් ප්‍රයෝජන ගන්න පුරුදු වෙනවා. වර්ෂාපතනයෙන් වාගා කටයුතු කරන්න සුදානම් වෙනවා. මේ දේවල් සිද්ධ වෙන්නේ මානවයාගේ පරිණාමයත් එක්ක. අපි හැමෝම දන්නවා මානවයාගේ පරිණාමය සිද්ධ වුනා කියන එක. මේ පරිණාමය එක්ක මිනිසුන් නිවාස නිර්මාණය කරගන්න පෙළබුණු බවත් අපි දන්නවා. නමුත් මේ වාස්තු විද්‍යාවේ ස්වර්ණමය යුගයක් එනවා.

            ඒ තමයි අපිට ඉතිහාසයේ දැනටමත් සාක්ෂි තියෙන සෘෂිවරුන්ගේ කාලවකවානුව. එනම් අධ්‍යාත්මය දියුණු කර අයගේ ආගමනයයි. මොවුන් අපිට පරිසරයේ තිබෙන ශක්තින් කුමන ආකාරයෙන්ද නිවහනක් තුළින් ලබා ගන්නේ කියන එක හදුන්වා දී තිබෙනවා. එනම් නිවසක දිශාගත කිරීම්, නිවසක අංග කොයි ආකාරයෙන්ද පිහිට විය යුත්තේ කියන එක අපට හදුන්වා දී තිබෙනවා.නමුත් වර්තමාන සමාජය එවකට සෘෂිවරුන් අපට ඉදිරිපත් කරාට වඩා බහුතරයක් මෙය වෙනස් කරගෙන තිබෙනවා. නමුත් වෙනස් නොවුන දෙයක් තිබෙනවා. එනම් සූර්යයාගේ තියෙන ශක්තින් හා පෘථිවියේ තියෙන පිහිටීම. නමුත් අපි වායුගෝලය, අපේ පරිසරය, අපේ ඇවතුම් පැවතුම් සහ ජීවන රටාව වෙනස් කරගත්තා.ඒ වගේම අපි නව තාක්ෂණය,විදුලි ප්‍රභව සොයාගත්තා.මේ දේවල් තුළින් අප අලුත් දේවල් එකතු කර ගත්තා.මේවා අපේ ජිවිතයට බලපාන්නේ කෙසේද යන්න තර්කයෙන් සිතිය යුතුය. සෘෂිවරුන් අපට පවසා තිබෙනවා වාස්තු විද්‍යාවේ ඊසාන දිශාව කියන්නේ පිරිසිදුවෙන් තැබිය යුතු පැත්තක් ලෙස. ඒ පැත්ත ශක්තිමත් විය යුතුය.මේ දේවල් අපි කතා කරනවා. 

අපට වාතාශ්‍රය හොදින් ලැබෙන දිශාවක් තමයි ඊසාන දිශාව. ඒ වගේම නැගෙනහිර දිශාව කියන්නෙත්. සූර්යය ශක්තිය හොදින් ලැබෙන දිශාව නැගෙනහිර දිශාව. අපි වාස්තු විද්‍යාවේ හදුන්වාදෙනවා සාලය තියෙන්න ඕනි උතුර, ඊසාන හා නැගෙනහිර දිශාවන් අතරය.

අපට හොද ආලෝකයක්, වාතාශ්‍රයක් ලැබෙන මෙන්ම උදෑසනට හිරු එළිය පායා ගෙන එන පැත්ත නැගෙනහිර දිශාව වේ. අපි මේ දේවල් වස්තු විද්‍යාවේ ඉගෙන ගන්නවා. උදැසනට පාරිසරික ශක්තියෙන් අප පෝෂණය වෙන්න ඕනේ ඒ වගේම නිවසත් ශක්තිය ගබඩා කරන්න ඕනේ මේ දේවල් ගලපලා නිවාස සැලසුම් කිරීම තමයි වාස්තු විද්‍යාත්මක සැලසුමක් කරනවා කියන්නේ මේ හැර කිසිදු ගුප්තයක් වාස්තු විද්‍යාව තුල නැ. මේ වස්තු විද්‍යාවේ පවතින වාස්තු කර්ම හදුනා ගන්න අපි සමග රැදි සිටින්න.     


ස්තුතියි. 
අනිල් දඬුදෙනිය.
ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක, 
නිවාස සැලසුම් ශිල්පී, ජෝතිෂ්‍ය ගවේෂක, 
දේශමාන්‍ය දේශබන්දු වාස්තු විද්‍යා විභූෂණ

0775554445

Comments